• (+94)37224323
  • parakramabahuns@gmail.com
 

සිසුන් ඇතුළත් කරගැනීම

2020 සාමාන්‍ය පෙළ සමත් සිසුන් සඳහා,2022/23 උසස් පෙළ අංශයට(විද්‍යා,ගණිත,තාක්ශණ,වාණිජ හා කලා අංශ සදහා) අයදුම් පත් කැදවීමේ කටයුතු මේ දිනවල ආරම්භ කර ඇත.ඊට අදාල අයදුම්පත් විද්‍යාලීය ප්‍රදාන  ගේට්ටුවෙන් ලබාගත හැකි අතර නිසිපරිදි සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍ර 2021 ඔක්තෝබර් මස 25 වෙනි දිනට හෝ එදිනට පෙර විද්‍යාලයට ලැබීමට සැලැස්විය යුතු වේ.

 

මේ සමගම 13 වසරක අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණෙන් පවත්වාගෙන යන අඛණ්ඩ අධ්‍යාපන අංශය වෙත සිසුන් බාර ගැනීම සදහා අයදුම්පත් කැදවීමද සිදුකෙරේ.

 

සැ.යු.-ඔබ විසින් එවන අයදුම්පත්‍රයේ වම් පස ඉහල කෙලවරෙහි,ඔබ මෙම පාසලේ සාමාන්‍ය පෙළ හැදෑරූ ශිෂ්‍යයෙක් නම් අභ්‍යන්තර ලෙසද,මෙම පාසලෙහි  සාමාන්‍යපෙල හදාරා නොමැතිනම් බාහිර ලෙස හා ඔබ ඉල්ලුම්කරන විශයධාරාවද සදහන් කර රු.45ක මුද්දරයක් ඇලවූ ලියුම් කවරයක් සමග එවිය යුතුය