පොල්ගහවෙල ප්‍රදේශය , දඹදෙණිය මැතිවරණ කොට්ඨාශයට අයත් කොටසක් ලෙස පාලනය විය. දඹදෙණිය මන්ත්‍රිවරයා ලෙස කටයුතු කළේ ආර්.ජී.සේනනායක මැතිතුමාය. එතුමාගේ අනුග්‍රහයෙන් දඹදෙණි ආසනයට අයත් නාරම්මල ප්‍රදේශයේ මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය නමින් විද්‍යාලයක් ඇරඹිමට කටයුතු සලසා තිබුනි.
පොල්ගහවෙල ප්‍රදේශයේ දරු දැරියන්ට විධිමත් අධ්‍යාපනයක් ලබා දිය යුතු යැයි සිතු පොල්ගහවෙල විජයතුංගාරාමාධිපති පණ්ඩිත පල්ලේවෙල පාලිත හිමියන් හා විදුලි සංදේශ පරික්ෂක ඩී.බී.දහනායක නගර සභික එස් රණසිංහ , නගර සභික ඩබ්.එම්.එස්. අප්පුහාමි වෙළඳ හා නාගරික ඒ.ඒ .අබේරත්න ,වෛද්යචාරි ටි.බී.ජයතිලක ඉඩම් හිමි වැවිලිකරු කේ.ඩී.එබරන් අප්පුහාමි යන මහතුන් ආර්.ජි.සේනානායක යන මහතාගේ ප්‍රධානත්වයෙන් එවකට අධ්‍යාපන ඇමතිවරයාව සිටි ඊ.ඒ.නුගවෙල මැතිතුමා හමු විමට ගොස් දහහත් වතාවකටත් වඩා වැඩි වාර ගණනක් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකාච්ඡා පවත්වා ඇත. එක් අසුනකට එක් මධ්‍ය විද්‍යාලයක් පමණක් සිමා වී තිබුණු අවධියක මෙවන් නියෝජිත පිරිසකගේ බලවත් උද්ගෝෂණය මත අධ්‍යාපන ඇමති ඒ.ඒ.නුගවෙල මැතිතුමා පළාතට කරන විශේෂ අනුග්‍රහයක් වශයෙන් මුලදි අලව්ව නගරයට ලබා දිමට බලාපොරොත්තුව සිටි මධ්‍ය මහා විද්‍යාලය පොල්ගහවෙල ප්‍රදේශයට ලබා ගැනිමේ අවස්ථාව උදා විය.
මේ සඳහා අවශ්‍ය ඉඩම් .එම්.ඩි.බංඩා ඥාණප්රකා ශාමි සහ ඇලෙක්සැන්ඩර් යන මහතුන් විසින් පරිත්‍යාග කරන ලදි. එවකට ශ්‍රි ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය දරන ඩි.එස්.සේනානායක මැතිතුම විසින් මෙහි පළමු ගොඩනැගිල්ල වන දෙමහල් ගොඩනැගිල්ලට වර්ෂ 1951 අගෝස්තු මස 19 වෙනි දින මුල් ගල තැබිය.
ක්‍රි.ව 1954 ජනවාරි මස 10 වෙනි දින මධ්‍ය මහා විද්‍යාලය නිල වශයෙන් විවෘත විය. ආරම්භයේ සිටි ගුරුවරුන්ගේ සංඛ්‍යාව තිදෙනෙක් වු අතර ශිෂ්‍ය සංඛ්‍යාව 110 වුහ.එදින ඇතුළත් කර ගන්නා ලද මුල්ම ශිෂ්‍යා වීමේ භාග්‍ය හිමි කර ගත්තේ දැනට දෙනගමුව මහා විද්‍යාලයේ විදුහල්පති ධූරය දරන එස්.එම්.ගුණතිලක මහතාය. ආරම්භක අවධියේදි ඉදි කර තිබුනේ ප්‍රධාන ශාලාව සහිත මෙහල් ගොඩනැගිල්ලක් , විදුහල්පති නිළ නිවසක් පමණි. මුල්ම විදුහල්පතිවරයා වුයේ කබ්රාල් මහතාය.
1957 වර්ෂයේ පාඨශාලා ජ්‍යෙෂ්ඨ සහතික පත්‍ර විභාගයට 70 පෙනි සටියහ. ඉන් 51 දෙනෙක් සම්පුර්ණ සාමාර්ථ ලැබු අතර ඉතිරි සිසුන්ගෙන් වැඩි දෙනෙක් ඌණ සාමාර්ථ ලැබුහ. වර්ෂ 1960 දී සිසුන් 17 දෙනෙක් විශ්ව විද්‍යාල ප්‍රවේශයට පෙනි සිටි අතර ඉන් සිව් දෙනෙකු විශ්ව විද්‍යාලයට වරම් ලැබුහ. මේ වන විට විද්‍යා අංශයෙන්ද වාණිජ අංශයෙන්ද අධ්‍යාපනික කටයුතු කරගෙන යැමේ අවස්ථාව සැලසි තිබුනි.
අතු පතර ගැවසි ගත් මලින් පලින් බර දැවැන්ත වාක්ෂයන් මෙන් මේවන විට මධ්‍ය මහා විද්‍යාලයේ කීර්ති කදම්භය අසල් වැසි ගම් දනව් කරා පැතිරි තිබුණි. මෙසේ පාසලේ අභිවෘද්ධිය ලඟා වුයේ එම වකවානුවේ සිටි විදුහල්පතිවරුන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ අප්රහිත ධෛර්යය නිසාම යැයි කීම අතිශයෝක්තියක් නොවේ.
ඉන් නොනවැතුන විද්‍යාලය ගෘහ විද්‍යා ,හස්ත කර්මාන්ත ,ආදි අංශයන්ගෙන්ද සමන්විත විය. මෙම විදුහලේ ශිෂ්‍ය බට කණ්ඩායම් , පොලිස් මානවිකා කණ්ඩායම් දිස්ත්‍රික්කයේ පමණක් නොව දිවයිනේ ප්‍රබල විද්‍යාල වලටද මහත් අභියෝගයක් විය. එකල දැල් පන්දු කණ්ඩායම් සමස්ත ලංකා තරඟ වලදි අනුශුරතාවය දිනා ගනිමින් විදුහල් මතාවට කීර්කිය දැල්වු අවස්ථාවද විය.
1966 .03.22 වෙනි දින පාසැල් දන්ත චිකිත්සාගාරය එවකට සෞඛ්‍ය ඇමතිව සිටි එම්.ඩී.එච්.ජයවර්ධන හා කෘෂිකර්ම හා ආහාර ඇමති ඇම්.ඩී.බංඩා යන මහතුන් අතින් විවෘත කෙරෙණි. 1966.11.29 වෙනි දින විදුහල්පති ඩි.බි.කරුණාතිලක මහතාගේ මුලිකත්වයෙන් පාසල් භුමිය තුළ බුද්ධ ප්‍රතිමාවක් ඉදි කර ළමුන්ට ආගමික කටයුතුවල නියැලිමට අවකාශය ලබා දුනි. 1967.10.04 වන දින ඇලෙක්සැන්ඩර් මහතාට අයත්ව තිබු කොළඹ වත්ත රජය මගින් විද්‍යාලයට පවරා දෙනු ලැබිය. ඒ නිසා නේවාසිකාගාර ,මාණ්ඩලික පුස්තකාල , ක්‍රිඩා පිටිය සහ පන්ති කාමර ආදිය ඉදි කිරිමට ඉඩ සැලසුනි. ඒ සඳහා පුරෝගාමි වුයේ එම් .ඩී.බණ්ඩා මැත්තුමාය. මෙකල ඇරඹු සියවස ගොවිපොළ පසුව ගුරු ගම්මානයක් සඳහා රජයට පවරා ගන්නා ලදී.
1980 03.28 වෙනි දින අධ්‍යාපන සේවා ඇමතිව සිටි ලයනල් ජයතිලක මැතිතුමා විසින් ද්විත්ව විද්‍යාගාරය විවෘත කෙරිණි.
1983 .12.03 වෙනි දින පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් රන්ජන් ජයකොඩි මහතා අතින් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රිඩාංගනය විවෘත කර ගැනිමට හැකිවුයේ විදුහල්පති හර්මන් පෙරේරා මහතා ක්‍රිඩා අංශය නගා සිටුවිමට දරන ලද පරිශ්රමයේ ප්‍රතිඵලයක් වශයෙනි.
1985.06.05 වෙනි දින යුද හමුදා පුහුණු කදවුරක් ලෙසට මෙම විද්‍යාලය පවරා ගනු ලැබිය. පාසල් සිසුන්ට දෙකොටසකට බෙදි , 6, 7,8 සිසුන් කු/ ශාන්ත බර්නාදෙත විදුහලේද 9,10,11 ,12 සිසුන් කු/ ශාන්ත බර්නාදෙත් මහ විදුහලේද දවල් 12-සවස 4 දක්වා අධ්‍යාපන කටයුතු වල නියලිමට සිදු විය. මේ හේතුවේන් විදුහලේ දක්ෂතම සිසුන් වෙනත් පාසල් කරා ඇදි යාමෙන් විදුහලේ ශිෂ්‍ය සංඛ්‍යාව සීඝ්රයෙන් පහත වැටිනි. හමුදා කදවුර පසුව ආධුනික පොලිස් භට පුහුණු කදවුරක් බවට පත්වුයනේ පාසැල පිළිබඳ බලාපොරොත්තුව මිරිඟුවක් බවට පත්විය.
විදුහල්පති බී.ජි.ආර්. බණ්ඩාර මහතා පැමිණිමත් සමඟ පොලිස් පුහුණු කදවුරේ නිළධාරින් දමඟ සාකාච්ඡා කොට ඔවුනට සියලුම පහසුකම් කු/ශාන්ත බර්නාදෙත් මහ විදුහලේ සලස්වා පුහුණු කදවුර එහි රදවා 1986.02.10 වෙනි දින මධ්‍ය මහා විද්‍යාලයේ සහ /ශාන්ත බර්නාදෙත් මහ විදුහලේ සිසුන් දෙපිරිසටම නැවතත් මධ්‍ය මහා විද්‍යාලයේ ඉගනිමේ නියලෙන්නට අවස්ථව සැලසුනි.
1986.09.15 වෙනි දින විදුහල්පතිව පත්ව ආ බි.ඒ.කේ. විජේවර්ධන මහතාගේ පාලන කාලයේදි 1986.10.02 වෙනි දින මෙම විදුහල තවත් විදුහල් 14 ක් එකරාශි කරගෙන පර්ෂද මුලස්ථානය බවට පත්විය.
1987 වසරේ 6 වසර සඳහාද පන්ති අලුතින් ආරම්භ කෙරිණි. මෙතෙක් අඩුපාඩුව පැවැති ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරය විජේවර්ධන මහතාගේ බලවත් පරිශ්රමය නිසා 1988 සැප්තැම්බර් මස නියෝජ්‍ය අධ්‍යාපන ඇමති සමරවීර වීරවන්නි මැතිතුමා අතින් විවෘත විය
.
1989 අගෝස්තු 31 වෙනි දින පොල්ගහවෙල පාසැල් පර්ෂදය අහෝසි විය. මේවන විට ගුරුවරුන්ගේ සංඛ්‍යාව 45 ක්ද ශිෂ්‍ය සංඛ්‍යාව 1100 දක්වා වර්ධනය වී දියුණුව කරා පිය නගිමින් සිටි .
|
ආරම්භ කළ වර්ෂය |
1954 ජනවාරි 10 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
03 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
110 |
|
මුල් විදුහල්පතිතුමාගේ නම |
කේ කබ්රාල් මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඩේවිඩ් ගුණවර්ධන මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
පරාක්‍රමබාහු ජාතික පාසල |
| ආරාධිත අමුත්තා | ඩී එස් සේනානායක අගමැතිතුමා |